බලුප් වැල

මෙන්න මචො ඔයාගේ කොම්පියුටරේ විස්තරේ

IP

Wednesday, April 13, 2011

කුක්කගෙ අවුරුද්ද

1 ප්‍රතිචාර
හලෝ කස්ටිය ඉතිං ඉතිං........
ඔන්න මම ආවා........
ඔන්න ඉතිං 2011 පටන් අර‍ගෙන හෙන ඉක්මනට අවුරුද්දත් ලබලා...
ඉතිං ඔන්න කුක්කත් කුක්කගෙ බ්ලොග් එකේ මකුළු දැල් කඩලා තීන්ත ගාලා(ඒ කිව්වේ අලුත් ටෙම්ප්ලේට් එකක් දාපු එක) ඔන්න බ්ලොග් එකත් සුද්ද බුද්ද කරලා දැම්මා........


ආ... තව එකක් අහන්න අමතක වුනා... අපේ කස්ටියට කොහොමද අවුරුදු ?? ජයයි ද ??
ජයයි නම් එච්චරයි...

ඔන්න ඉතිං කුක්කත් අවුරුදු ජයටම සමරන්නයි ලැහැස්තිය .... කුක්කා මේ දවස්වල බැහැලා වැඩ ඉතිං...... ඔන්න යටින් දැම්මා කුක්කගෙ කෑම මේසෙ...

ඉතිං ඔන්න කස්ටියටම කිරියෙන් පැනියෙන් ඉතිරෙන සතුට සාමය පිරි සුභ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා !!!!!!!


                                                                               මීට මේපාර අවුරුදු සමරන මං
                                                                                              කුක්කා






Thursday, April 7, 2011

පට්ටම

4 ප්‍රතිචාර
                                           හලෝ කස්ටිය ඉතිං කොමෙයි ?? මම ඔන්න ආවා අප්පා මේකෙ තියෙන මකුලු දැල් දැං ඉතිං ඒව ඔක්කොම සුද්ද කරලා තමයි වැඩ පටන්ගන්න තියෙන්නේ  අනේ මංදා ආවට කියන්න දෙයකුත් නෑ අප්පා. හිරිම කම්මැලියි. අප්පා. ඉතිං ඉතිං කොහෙමද ජීවිතේ ??

            ආ.... හරි මතක් වුනා කියන්න දෙයක්
 අද තමයි ඉතිං අපේ ශිෂ්‍ය නායක ලාංඡන පළදවන දිනේ ඔන්න ඉතිං ශිෂ්‍ය නාය‍කයෙක් විදිහට කුක්කත් සුදුසුකම් ලබලා ඔං. කුක්කට හරි සතුටුයි ඒත් පොඩි දුකකුත් තිබ්බා මෙකක්ද දන්නවද අපේ පන්තියෙන් ශිෂ්‍ය නායක කම ඉල්ලපු දෙතුන් දෙනෙකුට ශිෂ්‍ය නායක කම් අහිමි වෙලා   ඉතිං අද හෙන යුද්ධයක් කරලා අපි ඔන්න උත්සවේ වැඩ පටන් අරගෙන  අපිට බැජ් එක පැලැන්දුවා. ඔන්න ඉතිං අපි පොඩ් සංග්‍රහයකටත් ගිහිල්ලා වැඩ බාරගත්තා... දැං ඉතිං  පට්ටම ගත්තා වගේ නෙවේ එක කරගෙන යන්න තියෙන අමාරුව දැං ඉතිං කට්ට කාපං කුක්කෝ....

                    ඔනන් ඉතිං කියන්න දෙයක් නැතුව ඔය ටික විතරක් බොහොම අමාරුවෙන් කිවා ටටා බායි පස්සේ දවසක හම්බෙමු. බායි..බායි.....