බලුප් වැල

මෙන්න මචො ඔයාගේ කොම්පියුටරේ විස්තරේ

IP

Monday, March 21, 2011

ලංකාවට ගැලපෙන්නෙ ජනෙල්ද ? ලිනක්ස්ද ?

3 ප්‍රතිචාර


             සමහරු මාත් එක්ක තරහත් වෙයි මේක කියවල. ඒත් මේ තමයි මට දැනෙන දේ. මමත් හැමතැනම තියන  OS එක පාවිච්චි කරපු කාලයක් තිබුන. නීතිවිරෝධී විදිහට. ඒත් ගෙවල් වලට පැනල හොරකොපි අල්ලනව කීවහම මම බයවුණා.

ඔන්න ඉතින් මමත් ලිනක්ස් පස්සෙ යන්න පටන් ගත්ත.අපේ චානක අයියා ගොඩක් උදව් කරා. සමහරු අපි වගේ චූටි කොල්ලන්ගෙ ටෙලිෆෝන් කෝල්වත් ගන්නෙ නෑනෙ. කෙහොම හරි චානක අයියගෙ උදව්වෙන් ගොඩාක් මෙහෙයුම් පද්ධති අත්හදා බැලුව. සමහර වෙලාවට සියල්ල නැතිවීමකින් අත්හදාබැලීම් කෙලවර උනා. සියල්ල අනිත්‍යයි කියල එතකොට හිත හදා ගන්නව. ආයෙත් පටන් ගන්නව.අන්තිමට උබුන්ටු අල්ලගත්ත.

මම හිතන විදිහට ලංකාවෙ අපට නම් ලිනක්ස්. ඇයි දන්නවද ? ලංකාවෙ අපි හැමදේම කරනව. Software නීත්‍යානුකූල කරන්න එක්කෙනෙකුට ලක්ෂ ගාණක් යයි. අපිට එච්චර සල්ලි කොහෙන්ද ? මේ ගැන ඔයාල හිතන විදිහ ගැන comment කරන්න.

Sunday, March 13, 2011

කුක්කාගේ කදු නැගීම

0 ප්‍රතිචාර
            මේක නම් පරන කතාවක් ඒත්  මට හිතුනා ඒත් මේක කියන එක හොදයි කියලා. ඔන්න දවසක් අපි සෙට්එක කතාවුනා අපේ ගමේ තියෙනවා පොඩි කන්දක් (පොඩි කිව්වට පොඩිම නෑ) ඒ කන්ද නගින්න. එත් අපිට හරියට නිවාඩු දවසක් තිබුනේ නෑ...
                         ඔන්න ඔහොම දවස් දෙකක් තුනක් යනකොට අපිට නිවාඩු දවසක් (ඒ කිව්වේ පොය දවසක්) සෙට් වුනා ඉතිං අපි කථා කරගත් විදිහට අපි අද කන්ද නගිමු කියලා අපේ ඉසුරු මල්ලී කිව්වා... කන්ද නගිමු කියලා.

              ඔන්න ඉතිං අපි උගේ අදහස අනුමත කරලා අපි ඉතිං කස්ටියම සෙට් වුනා. අපි යන්නේ ලොකු ගමනක් හින්දා (මොන පිස්සුද නිකං පොඩි කන්දක්නේ) අපි ඉතිං කැම අරගෙන යමු කියලා කිව්වා.
ඔන්න ඉතිං මම මන්චී වේපර්ස් (මේක වෙළද දැන්වීමක් නෙවේ හරිද) එකක් ගෙනාවා. අපේ ඉසුරු මල්ලී ගෙනාවා මන්චී හවායින් කුකීස් එකක්. අපේ ශාන් මල්ලී ගෙනාවා මන්චී ටිෆින් බිස්කට් එකක්. අපේ ලොකු අයියා (ඒ කිව්වට මගේ ලොකු අයියා නෙවේ අපි උට එහෙම කියන්නේ උ අපේ සෙට් එකේ ලොකුම බුවා හින්දා උගේම මල්ලී තමයි අසංක උත් අපේ ගමනට සහභාගි වුනා ඒව තව පස්සට) ගෙනාපු දේ හරියටම මට මතක නෑ මතක් වුනොත් කියන්නම්. ( සැ:යු- මේවා අහලා කෙලගිලිනවා එහෙම නෙවේ )

                         ඔන්න ඉතිං අපි ගමනට පිටත් වුනා..... හෆොයි....... මල කෙලියයි... මෙන්න එකපාරටම හෙන වැස්සක් කඩා පාත් වුනා ( අපි වැඩක් පටන්ගත්තොත් ඔහොමයි )

                           මොනවා කරන්නද ඉතිං දැං ඉතිං ගමන කැන්සොල් කොරන්න යෑ........
ඔන්න ඉතිං අපේ තිලිණ මල්ලී එක පාරටම කුඩයක් ගෙනාවා අපිත් ඉතිං නිකං හිටියේ නෑ අපිත් කුඩ ගනල්ලා ගමන යන්න පිටත් වුනා....

                 ඔන්න ඉතිං කන්දේ පාමුලටම ආවා.... මලා කෙලියා තාප්පෙට... අපි නිකං වීරයො වගේ ආවට යන පාර ගැන මෙලො දෙයක් දන් නෑ දැං ඉතිං මක් කොරන්නද.. අපි කථාවුනා කෙලින්ම උඩට නගින්න ( මේ වෙනකොට වැස්ස ටිකක් අඩුවෙලා පොද වගේ තිබ්බේ) 
         ඔන්න ඉතිං අපි ආරම්භේ ගත්තා අපි ඉතිං පාරවල් හදාගෙන තමයි ගියේ ඉස්සරවෙලාම ඔන්න පොඩි කැලෑ කැල්ලකින් අපි පාර හදාගෙන දිගටම ඉදිරියට ගියා........

                               හෆොයි.......  හෙන ගලක් මේක දිගේ බඩ ගාන්නේ කොහොමද.... ඔහොම හිත හිතා ඉද්දි අපේ ලොකු අයියා ඒ ගලට හේත්තු වෙලා තිබුනු ගහක් දිගේ උඩට බඩගාලා ගල මුදුනටම නැග්ගා (අපේ ලොකු අයියා නියම වැඩකාරයා ) උ උඩට නැගලා කිව්වා අපිටත් එන්න කියලා....

                    දැං ඉතිං ගස් බඩගාපංකො.. ඔන්න ඉතිං අපි සෙට් එකම බොහොම අමාරුවෙන් බඩ ගාලා ගල මුදුනට නැග්ගා...... 
               මලා.... ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්නා වගේ... ගලෙන් එහා පැත්තේ හෙන ප්‍රපාතයක් දැං මොක කරන්නේ අපිට ආයෙත් අර වගේම ගහක් දකින්න ලැබුනා....

     මේ පාරනම් වැඩේ ලේසියි................... ඔන්න ඉතිං කස්ටියම ගහ දිගේ පල්ලට බඩ ගෑවා..... දැං ඉතිං ආයෙත් කන්ද දිහාට නගින්නයි තියෙන්නේ.....ඔන්න ඔහොම ටික දුරක් යන කොට..
             ආයෙත් අර මගුල් වැස්ස පටන් ගත්තා ඉස්ස පාර වගේ නෙවේ හෙන හයියෙන් දැං නං ඉතිං නෑමක් වගේ තියෙන්නේ  දැං ඉතිං කුඩ ඉහලුවාට වැඩක් නෑ.... කස්ටියම හොදටම නෑවා...
ටිකක් වෙලා නාද්දී  තමයි අපේ ජංගමයො(ෆෝන් එකනේ) ගැන මතක් වුනේ මලා තෙමිලද දන්නෑ.. කස්ටියම පටස් ගාලා අපේ ජංගමයො ටික අර බිස්ක‍ට් ගෙනාපු සිලි කවරෙකට දාලා ගැට ගැහුවා....එත් මෙහෙම වුනා කියලා අපේ ගමන නතර වුනේ නෑ..... එත් ගමන යන්න පාරක් නෑ (මම කලින් කිව්වනේ අපි පාර දැනගෙන නෙවේ ආවේ කියලා ) ඔහොම ටික වෙලාවක් අපි පාරක් හෙව්වා යාන්තම් ඇති....  යන්න තැනක් හම්බුනා... ඒත් හෙන අමාරුයි ඒකත් හෙන ගලක් පොඩ්ඩ වැරදු‍නොත් ලිස්සනවා (ඇයි ඉතිං ලිස්සන්නේ නෑතුව තියෙයි යෑ... වැහැපු වැහිල්ලට) ඔන්න ඔහොම අපි මරෙ ගේමක් දීලා කන්ද මුදුනටම ආවා ....ෂා..... මරුනේ........... අපේ ගම නියමට පේනවා මාරයි අප්පා..... එත් මේ වෙනකොට අපි ඔක්කොම තෙත බරිත වෙලා හිටියේ.....
ලොකු අයියා .,ඉසුරු( සන්ග්ලාස් දාගෙන ඉන්න කෙනා ), ෂාන්

මේ රූපේ අපි කන්ද උඩදී ගත්ත එක් මෙක ගැන වැරදියට හිතන්න එපා මේ අපි ෂර්ට් ගලවගෙන ඉන්නේ හොදටම තෙමුන හින්දා... දැං නං හොදටම පායලා තියෙන්නේ ඒ හින්දා අපි ෂර්ට් ටික වෙලෙන්න දැම්මා


මේ අපේ තිලින මල්ලී  බිස්කට් කන ගමන්


ලොකු අයියයි, ඉසුරු මල්ලී  ජංගමයාගේ වැඩක්
ඔන්න ඔය විදිහට තමයි අපි කදු නැග්ගේ ...... කන්ද බහිද්දී මාර ගේමක් දීලා තමයි අපි බැස්සේ..... ඔයාලට බැස්ස විදිහ හිතා ගන්න පුලුවන්නේ.... අපි නැග්ග විදිහ ඇහුවහම......

                                                              ආයේ මේ වගේ දෙයක් එක්ක ආයෙත් සෙට් වෙමු හොදේ....
                                                                                                   මීට කන්දක් නැගපු කුක්කා




Saturday, March 12, 2011

කුක්කට කෙලවීම

5 ප්‍රතිචාර
මම කිව්වනේ මම ඩොනෙක් ගත්තා කියලා ඉතිං මේ මගුල අන්ලොක් කරන්න ඔවමනාවක් තිබ්බා ඉතිං මට යාලුවෙක් දුන්නා පොඩි සොෆ්ට්වෙයාර් එකක් ඉතිං මම අන්ලොක් කිරීමේ පරම පිවිතුරු චේතනාවෙන් සුභ මොහොතින් ඔන්න වැඩේ පටන් ගන්න සෙට් වුනා. ඉතිං මම අර සොෆ්ට්වෙයාර් එක ඔපන් කරා

     මලා........... කෙලියා තාප්පෙට.........................

        මු මට දිලා තියෙන්නනේ වයිරස් ගොඩක්. ඔපන් කලා විතරයි මගේ බල්ලා (ඒ කිව්වේ වයිරස් ගාඩ් එක) බුරන්න පටන් ගත්තා. ඉතිං මම එක අයින් කලා විතරයි.... ඔන්න ආයෙත් අරු බුරන්න පටන් ගත්තා

                                  මල කෙලියයි මගේ තියෙන ඔක්කොම ෆයිල් වයිරස් කියලා මු කියනවා අනාතයි.... දැං ඉතිං අයින් කරන්නත් බෑ ඔන්න ඔය වෙලාවට තමයි පරන කතාවක් මතක් වෙන්නේ '' රැවුලත් ඔනෙ කැදත් ඔනේ'' දැං ඉතිං මක් කරන්න. අයින් කලොත් මං ඉවරයි.... මොනව කරන්නද ඉතිං සියල්ල අනිත්‍යයි කියලා ඔන්න ඉතිං ඔක්කොම අයින් කලා..... දැං ඉතිං දුක තමයි...........
                බලන්නකෝ මල මගුල මම පාවිචි කරන්නේ උබුන්ටු. ඒ වුනාට ජනෙලුත්(වින්ඩෝස්) දාගෙන ඉන්නේ  මම ජනෙල් වලට ආවේ අරු දීපු සොෆ්වෙයාර් එකෙන් මගේ ඩොනා අන්ලොක් කරන්න බලන්නකෝ මට වුනු දේ උබුන්ටු වලට වෙලාම හිටියනම් මේ කරදරේ නෑ නේ... ඉතිං මම කියන්නේ ඔගොල්ලොත් ලිනක්ස් වලට බහින්න(උබුන්ටු , හන්තාන වගේ දෙවල්) ....
                                                                                       බායි බායි... පස්සේ දවසක හමුවෙමු.


                                                                                                        මීට
                                                                                                අසරණ වුනු කුක්කා

Wednesday, March 9, 2011

කුක්කාගේ උපත

0 ප්‍රතිචාර


                      ඔන්න එකෝමත් එක දවසක එක කුක්කෙකුට ඩොන්ගල් එකක් හම්බුනා ( ඒ කිව්වට හම්බුනේ නෑ සල්ලි දිලා ගත්තා මිසක්) ඉතිං ඔහොම දවසක් දෙකක් යන කොට තමයි මේ කුක්කට බ්ලෝග් පිස්සුව හැසුනේ. ඉතිං මේ පිස්සුවේ ප්‍රතිථලයක් විදිහට තමයි ඉතිං මේක හැදුවේ... ඔන්න ඔය විදිහට තමයි කුක්කාගේ උපත සිදු වුනේ..


                                                                                මෙයට අද දින උපත ලැබු පිස්සු කුක්කා